දයාබර සිහින,

මටයි මගේ වර්තමානයටයි පාඩුවෙ ඉන්න දීලා මගෙ ඔලුවෙන් තොලොංචි වෙලා පලයං සිහින!

එක්කො යන්නෙපා බං. උඹ නැත්තං මම මේ හැමෝගෙම ලොකු ලයින් බල බල ගෙවන ජීවිතේ අතෑරලා ගොඩක් කල්.

ඒත් උඹ ඕන එකටයි එපා එකටයි හැම මගුලටම හොට දාන්න ආවම මල පයිනවනෙ! පාඩුවෙ ඉඳිංකො!

එක අතකට මම කරන හැම වැඩකටම හේතුව උඹ තමයි බං. උඹට බැනලා වැඩක් නෑ.

එහෙම කියලා බෑ ඕයි! මට කාටහරි බනින්න ඕන! මේ අවනඩුවට වගකියන්න ඕන එකා මට හොයලා දීපියවු!

ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මහින්ද විදුහල් පෙළට අත නොතබනු!

ආහ් මැඩම්…කාළෙකින් කට ඇරලා තියෙන්නෙ! තාමත් ඉස්සර වගේමයි නේද මැඩම්…? කට ඇරියොත් හුදී ජනතාව ලෝකයේ ප්‍රථම අගමැතිණිය සිහි කරනවා.

ඔව් මැඩම්…මේ ආනන්ද, නාලන්ද දෙකට නම් කෙළවන්නම ඕන. ඇයි විශාඛා, මහින්ද, ධර්මරාජ, මලියදේව අරක මේක…ඒවටත් කෙළවන්න ඕන. ඔයාට පහළ වෙන්නෙම මේ වගේ ශ්‍රේෂ්ඨ අදහස්මයි ඇන්ටි. මන්දා කොහෙන් එනවද කියලා මේ උතුං අදහස්. අනිවා ඩෙෆා අපි මේ රට තුළ හිම සොමි සඳරැස් ගලන, හිම කඳු මුදුන් දියවන, අහස් තාරුකා බිම පතිතවන, ග්ලැසියර් ඛාදනය වෙන, පෙන්ගුයින්ලා උද්දීපණය වන දයාව ප්‍රේමයෙන් පිරිපුං මෙව්වා එකක් හදන්ටම ඕන…හලිද? ඔයා ඔහෙන් පටන් ගන්න, අපි මෙහෙන් පටන් ගන්නං. හදාගෙන හදාගෙන යන්නයි තියෙන්නෙ ආ….? දිගටම කියවන්න

මෙඩිසිහිනය

හාන්සි පුටුවක දිගා වී කරන පුනරාවර්ජනයකි

වසර: 2006

මම පහේ ශිෂ්‍යත්වය සමත් වී ආනන්දයට පා තැබීමි. කොළඹ පරිසරය මට තවම නුහුරු ය. කොළඹ මිනිසුන් මට ඊටත් වඩා නුහුරු ය. මම පාසල් බස් රියේ නැගී ගෙදර යමින් සිටිමි. මට යාබද අසුනේ සිටියේ තාරකයියා ය. ඔහු අමුතු පොරකි. (ඔහුව සමාජය කොන් කෙරුවේ ඔහුගේම ඇතැම් කුහක ආකල්ප නිසාදෝ යි මට දැන් සිතේ.) මම හයේ ය; ඔහු හතේ ය. ආනන්දය ගැන ගුරුහරුකම් ගන්නයැයි මට දෙමාපියන් කීවේ ඔහුගෙනි.

මැද පෙළ අසුනක වාඩිවී සිටි මම දාඩිය පිසදමමින්, ජනේලයෙන් ඉස්සි ඉස්සි පාර දෙපස බලමින් සිටියෙමි. විටින් විට තාරකයියා සමග මෙලෝ රහක් නැති කදයක් ද දමන්නෙමි. ඒ අතරතුර වේලාවක තාරකයියා මගෙන් මෙසේ ඇසීය:
“පන්තියෙ කට්ටියගෙන් ඔයා මොනාහරි අහද්දි සමහර අය ඉන්නවා නේ කියලදෙන් නැති? ආ?”
මම ඔව් යැයි කීමි.
“මටත් හම්බෙලා තියෙනවා එහෙම අය. ඒගොල්ලො ආපහු ඔයාගෙන් මොනවහරි ඇහුවම ඔයත් ඒගොල්ලන්ට කියල දෙන්න යන්නෙපා හරිද? පස්සෙ ඒගොල්ලො ගිහිල්ලා ඒවා හොඳට විබාග වල ලියලා ලකුණු ගනියි, අපි තමයි පස්සට යන්නෙ!”
මම මුකුත් නොකීමි. නැවත ජනේලය දෙස හැරුණෙමි. දිගටම කියවන්න

මා ගිය පසු

මරණය කියන්නෙ බලාපොරොත්තු නොවන අවස්ථාවක්. නවුරුත් මරණය එන තුරු සැදී පැහැදී ඉන්නෙ නැහැ. කොපමණ අසාධ්‍ය රෝගීන් වුණත් තව දවසකින් හෝ දෙකකින් මැරෙන බව හිතන්නෙ නැහැ. සමහරවිට සතියකින් මියැදෙයි, හැබැයි ඒ සතිය මේ සතිය නම් නෙවෙයි.

අපි කවදාවත් සූදානම් නැහැ. කිසිම වෙලාවක් හරි වෙලාව නෙවෙයි. මරණය පැමිණෙනකොට, අපි කවදාවත් අපිට කරන්න තිබ්බ හැම වැඩක්ම කරලා ඉවර නැහැ. අවසානය ක්‍ෂණිකව ළඟාවෙන දෙයක්, එවෙලෙට වැන්දඹුවන් කඳුළු පෙරද්දි මළ ගෙවල් ගැන මෙලෝ හසරක් නොදන්න පොඩිඋන් නම් (දෙයියන්ට පිං සිද්ධවෙන්න) කම්මැලිකමේ බලාගෙන ඉන්නවා. දිගටම කියවන්න

ඉංජිනියරින්

අද වුණේ කන කොකා විය-සිදුරෙන් අහස බලනවා වගේ කේස් එකක්. වෙලාව හවස පහයි, එළියෙ ගොරව ගොරව වහිනවා, ගෙදර කරන්ට් නෑ, කරන්න දේකුත් නෑ. පර්ෆෙක්ට්. ඉතිං, ගත්තා ලැප් එක කාලෙකට පස්සෙ ලියන්න (චාපාගෙ ඇල්බම් එකකුත් දාගෙන).

යකෝ මෙහෙම හිටියට මම දැං ඉංජිනියරින් තේරිච්ච කොල්ලෙක්! තොපිට අගේ නැති වුණාට!

රිසල්ට් ආව දා ඉඳලා පාර අයිනෙ ඉන්න බල්ලො පවා අහන්නෙ “තාම පටන්ගත්තෙ නැද්ද කැම්පස්?” කියලා. දැන් උන්ට ඒක අහලත් එපා වෙලා මට උත්තර දීලත් එපා වෙලා. ඒත් ඉතිං සිරිතක් විදිහට තාමත් අහනවා, අහලා අධ්‍යාපන අමාත්‍යංශෙටත් ටිකක් බැනලා ඡන්දෙ දිනපු උන්ටත් ටිකක් බැනලා යනවා. දිගටම කියවන්න