අපි කවුද?

මෙය මා උසස් පෙළ භෞතික විද්‍යා උපකාරක පන්තියක සිටින විට සිදුවූ සිද්ධියකි. එහි සිසුන් 20කට වඩා නොසිටි බැවින් ගුරුවරයා සමඟ අදහස් හුවමාරුවට කිසිවෙකු පැකිළුනේ නැත. දිනක් ඔහු තම අත්දැකීමක් විස්තර කළේය. (ගුරුතුමා ක්‍රිස්තියානි ය. ගෝලයන් බෞද්ධ ය.)

“2015 පන්තියෙ කොල්ලෙක් දවසක් class ඇරුණට පස්සෙ මාත් එක්ක කතාවට set උනා. මිනිහා කියනවා මිනිහට කෙල්ලෙක් දැක්කම ‘ඔය කෙල්ල හැමදාම ඔහොම ඉන්නෙ නෑ. ඕකි කවදාහරි නාකි වෙනවා. දත් හැලෙනවා. කුදු වෙනවා. එහෙව් එකේ ඕකි දිහා බලලා මට ලැබෙන සැපක් නෑ.’ කියලා හිතෙනවලු”

පන්තියම සිනාසෙයි. (ඔවුන් සියල්ලෝ බෞද්ධය.) ගුරුතුමාටත් සිනහ යයි. (ඔහු ක්‍රිස්තියානිය.)

“සිරාවට ඕයි. මන් පස්සෙ මිනිහගෙන් ඇහුවා තමුසෙට පොඩි කාලෙ ඉඳන්ම ඔය ‘අවුල’ තිබුණද? කියලා. මිනිහා කියනවා ‘අපේ ගෙදර හැමතිස්සෙම බණ දානවා සර්. මගෙත් අකමැත්තක් නෑ ඉතින් මාත් අහනවා. ඒ නිසාද මංදා සර්.’ කියලා. මං ඉතින් ඇහුවා තමුසෙ තාම කොල්ලෙක්නෙ ඕයි, මොන රෙද්දකටද බණ අහන්නෙ? කියලා.”

තවමත් පන්තියම සිනාසෙයි. කට කහන එක ඉවසගන්න බැරුව මම අත ඔසවා “සර් බණ අහන එකේ වැරද්ද මොකද්ද?”යි ඇසීමි.

“ඇයි තමුසෙටත් අර පොඩි එකාට වගේ කෙල්ලෙක්ව දැක්කම නාකි වෙනවා වගේ පේනවද? ලස්සන කෙල්ලෙක් දැක්කම තමුසෙගෙ හැඟීම් ඇවිස්සෙන් නැද්ද? තමුසෙත් ගිහින් අරූටම set වෙනවා.”යි කියූ පසු ගුරුතුමා සහ සෙස්සන් හිනාවුනේ මටය.

  • ගුරු ගෞරවය
  • මිතුරන්ගේ කාලය අපතේ යාම
  • පන්තියේ ‘චරිතයක්’ වීමට තිබූ අකමැත්ත

නිසා මමත් මටම සිනාසී නිහඬ වීමි. මගේ ඉදිරිපස සිටි මිතුරා “මොකෝ කියන්නෙ? ඉවරවෙලා ගිහින් කතාකරමුද?”යි ඇසූ විට මා “ඕන්නෑ බං” කීවේ එයින් මටවත් ඔහුටවත් සිදුවන සෙතක් නැති බැවිනි.

ඇත්තටම බණ අහන එක ආච්චිලාගේ වැඩක්ද? කොල්ලො, කෙල්ලො බණ ඇසීම නෝන්ඩි ද? ඔබේ පිළිතුර ‘ඔව්’ නම් ඔබගේ ආකල්ප තවමත් ඇත්තේ ‘බුදුන් පුංචි කාලේ’ය. මන්ද ආයු කාලය කොටස් 4කට බෙදා හැසිරුණේ බමුණන් බැවිණි. අද බහුතරයක් බෞද්ධයන්ගේ චංචල ශ්‍රද්ධාව නිසා ඉබාගාතේ ඇවිදීමට හේතුව මෙවැනි පරඬැල් ආකල්පය. ඉස්ලාම් ආගමික කොල්ලන් සමූහයක් ඉදිරිපිට ඔබ ‘යාච්ඤා කිරීම’ සමච්චලයට ලක්කළහොත් ඔවුන් ඔබ සමග සිනහ වෙයිද? කොහෙත්ම නැත. ඔවුන් සිය ආගම හොඳින් දන්නා බැවින් සංවාදයකට පැමිණීමට වුවද පැකිළෙන්නේ නැත. නමුත් අපි? ඔවුහු තම ආගමට එරෙහිව යන ඕනෑම ක්‍රියාවකට විරුද්ධ වෙති.

ගැටුම පැන නඟින්නේ ඔතනින්ය. ඔවුහු අපිට ගෝචර නොවන ඇදහීමක් විශ්වාස කරමින් එහි උන්නතිය උදෙසා දිවි පරදුවෙන් ක්‍රියා කරති. ඒක වැරද්දක් ද? මෙයට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ ඔවුන්ට අකුල් ඇදීමෙන්/ පොලු පාර දීමෙන්/ රටෙන් පන්නා දැමීමට සැලසුම් කිරීමෙන් ද?

“කොහෙ ජාතිය බේරගන්නද නිවට බෞද්ධයොම පස්ස ගහනකොට!” මෙලෙස පවසන්නන් කරන්නේ ඉස්ලාම් භක්තිකයන් දශක ගණනක් තිස්සේ සැලසුම් කර අධ්‍යක්ෂනය කළ චිත්‍රපටයේ, මෝඩ සිංහලයාගේ චරිතය අති සාර්ථකව රඟ දැක්වීමකි. ඔවුන් අපෙන් බලාපොරොත්තු වන්නේ මෙයම නොවේද? වරම ගත්තා සේ උඩපැන, කෑ ගසා හොම්බ බිම ඇණගැනීම නොවේද?

දැන් දැල එලා අවසානය. දැඟලීමෙන් සිදුවන්නේ තවතවත් එහි පැටලීමය. වෙහෙස කරවිය යුත්තේ කය නොව මනසය.

“පුංචි පවුල රත්තරං”
“බණ ඇසීම, බණ පොත් කියවීම, සිල් ගැනීම වයසක උනාම කරන වැඩ”
“නිවන් දැකීමට භාවනාව අනවශ්‍යයි”
යනාදී වූ නානාප්‍රකාර අදහස් අද වන විට ඔබේ, මගේ සිත් තුල වත්මන් පද්ධතිය විසින් පැලපදියම් කර අවසානය. කළ යුත්තේ මේවා කවුරු, කුමන අරමුණකට නිර්මාණය කළාදැයි සෙවීමද? නැත්නම් එම අමනොඥ ආකල්ප අතහැර ස්වකීය දියුණුව සලසාගැනීම ද?

General Relativity, Quantum Mechanics වලට වඩා තාර්කික වූ

Theory of Everything ට වඩා පරිපූර්ණ වූ

සමාජ විද්‍යාවට වඩා ප්‍රායෝගික වූ : බුදුදහම,

ඉගෙනගනිමු. බෙදා ගනිමු. රැකගනිමු.

Advertisements

අපි කවුද?” මත සිතිවිලි 2ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )