නම්/ගම් මනඃකල්පිත නැත.

“පවු නේ බං යමුනා ඇන්ටිලා?”

“ඇයි?”

“නෑ ඉතිං පවුලට හිටපු එකම කෙල්ලනෙ. ගමටම කියලා මඟුලක් කාල දූ දෙන්න ඉන්න ඇත්තෙ. විජේසිරි අංකලුත් අවුරුදු ගානක් රට ඉඳලා ආවෙ ඒකිට දෑවැද්දක් හොයන්න වෙන්නැතිනෙ. දැං බලපං වෙච්චි දේ, අවසානයට පෙර ඈ ගිහිං!”

“වෙන්නැති බං. හැබැයි මන්නං දැනං හිටියා යසසි අම්මටයි තාත්තටයි බරක් වෙන්නෑ කියල.”

“මොකද්ද බං ඒ කතාව? බලපංකො දැන් අම්මටයි තාත්තටයි පාරෙ බැහැලා යන්න පුළුවන්ද දුවගෙ වැඩ හින්දා? දෙමාපියන්ට ආදරේ දුවෙක් පැනල යයිද බොල?”

“අයියෝ බං උඹ දන්නැද්ද?”

“මොකද්ද?”

“දැං මෙහෙමනෙ, ඉස්සර විවාහ වර්ග තුනයි.

  • දීග විවාහය
  • බින්න විවාහය
  • එකගෙයි කෑම

දැං අළුත් එකක් තියනවා

  • අභිනිෂ්ක්‍රමණය

ඉතාමත් ලාබදායී සහ ශීඝ්‍රගාමී විවාහ ක්‍රමය.”

“අභිනිෂ්ක්‍රමණය?”

“උඹ ඇත්තටම දන්නැද්ද?”

“මොනාද බං උඹ කියවන්නෙ?”

“අයියෝ.. අහගනිංකො එහෙනම්,

කොල්ලන්ට වඩා කෙල්ලො දෙමාපියන්ට තියන ආදරේ පෙන්නනවනෙ. උදාහරණයක් විදිහට යසසි අක්කවම ගනිං. ඒකි දකිනවා අම්මා උදේ ඉදං රෑ වෙනකං ගෙදර වැඩත් ඇරගෙන කඩේ කරනවා. තාත්තා ගෙදරත් දාලා පිටරට ගිහිං සල්ලි හොයනවා. මේවා දකිනකොට මොන කෙල්ලටද බං දුක හිතෙන්නැත්තෙ? පස්සෙ ඒකි හිතනවා අම්මලා, තාත්තලා මෙච්චර දුක් මහන්සියෙන් උපයපු දේ, එක දවසිං ‘දෑවැද්ද’ කියලා උස්සන් යන එක අසාධාරණයි කියලා.

ඒකි හොයනවා රැවුල බේරගෙන කැඳ ටික බොන්න ක්‍රමයක්.

ඔන්න එනවා ඒකිට අදහසක්.

හොටෙල් වියදම් නෑ. රට පුරා ආරාධනා බෙද බෙද ඇවිදින්න ඕන නෑ. දෑවැදි නෑ. එකාට 1200 ගානෙ ප්ලේට් වලට ගෙවන්න ඕන නෑ. නිවාඩු දවස් ටිකක් අල්ලලා පැනලා යනවා.
මාසයක් විතර ගිහිං හනි-මූන් එහෙම ඉඳලා ගෙදෙට්ට කෝල් එකක් දෙනවා ‘අම්මෙ මං කසාද බැන්දා’ කියලා. මොකෝ එපා කියන්නද? ගෙදර මිනිස්සුන්ගෙ සැර බහින්න ටිකක් කල් දීලා අළුත් ජෝඩුව එනවා ගෙදරට. එළවලා දාන්නෙ නැති බව දන්නවනෙ. පස්සෙ දුව හෙමීට කරුණු පැහැදිලි කරලා දෙනවා. අම්මත් බලනවා ‘ඇත්ත නේද මේකි මේ කියන්නෙ’ කියලා. ඊට පස්සෙ ඉතිං අර පරණ දුවම තමා. වටපිටාවෙ ඉන්න අයත් ‘උන්ට හොඳනම් අපිට මොකෝ!’ කියලා විරිත්තගෙන යනවා.

දැන්වත් තේරුංගනිං, පැනල යන එක තමා දෙමාපියන්ට ඇත්තටම ආදරේ කරන දරුවෙක්ට ගන්න පුළුවන් හොඳම තීරණය.”

“ඔව් නේ බං?”

ප.ලි. – සිද්ධියෙන් මාස 4කට පමණ පසු යසසි අක්කා ආපසු ආවාය. ඇගේ පියා අසල වූ ඉඩමක ගෙයක් සාදවා දුව එහි පදිංචි කළේය. නවතම පන්නයේ කාරයක්ද මිලට ගත්තේය. (ඉතිරි වූ සල්ලි වලින්ද කොහෙදෝ) ජුකී මැෂින් කීපයක් මිලට ගෙන, ක්‍රියාකරවන්නියන් ද කුළියට ගෙන, පහල තට්ටුවේ වූ කඩ කාමරය වසා දමා ඒ වෙනුවට ගෘහස්ථ ඇඟළුම් කම්හලක් ද ඇරඹීය.

Advertisements

පැන යාම.” මත සිතිවිලි 2ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )