තණ්හා, රති, රඟා දේශපාලන පසුබිම මගේ ඔලුවට නොපෑහේ. නමුත් චිත්‍රපටය තුළ මම දුටු තාක්ෂණික පැතිකඩ පිළිබඳව සටහනක් තබමි.

චිත්‍රපටයක පළමු රූප රාමු පෙළ අධ්‍යක්ෂක වරයෙකුට අතිශය වැදගත්ය. සිරිතුංග තම අල්මාරියේ මොකක්දෝ සොයයි. රෙදි ගොඩක් යට තිබී එය ඔහුට හමුවෙයි. මුදල් ද? හොර ලියුමක් ද? නැත. ජාතික කොඩියකි. එය මත ධූවිලි ය. කිසිදා භාවිත නොකළ සෙයකි. එළියට ගන්නෙ නැත්තං ජාතික කොඩියක් මොකටද? නිලේන්ද්‍ර දේශප්‍රිය එයට ප්‍රතිඋත්තර බැඳීමට සූදානම් ය. “යුද්ධ කියන ඒවා හැමදාම දිනන් නෑනේ සර්” සිරගත කර තිබූ නිදහස එළියට පෑමට කාලය එළඹ ඇත. ප්‍රභාකරන් මියගොසිනි.

ප්‍රචාරක දැන්වීමක් වේවා, නොවේවා රුපවාහිනී නාලිකා සහ පුවත්පත් සඳහා සැබෑ වෙළඳ නාම යෙදීම ගැන මම සතුටු වෙමි. සෑම සිද්ධියක්ම පරාමිතිකව ඉදිරිපත් කිරීමට යාමේදී නිර්මාණය තාත්වික බවින් ඈත්වේ. පුවත්පත් මුල් පිටු හරහා ද ඔහු ප්‍රත්‍යුත්පන්න දේශපාලන අර්බුද ගැන එදවස ජනතාව තුළ වූ අන්ධ භාවය ප්‍රශ්න කරයි. (මම දේශපාලනයට ඇත නොතබමි.) සංගීත අධ්‍යක්ෂණය ද අසාර්ථක නැත. ‘මිල්ලෙ සොයා’ චිත්‍රපටයෙන් ඉල්ලා ගත්තත් ‘සල්ලි පොකුරු’ ගීතය මෙයට එතරම් නොගැලපීමක් නැත. ජයන්ත චන්ද්‍රසිරි මහතා තරම් නොවුණත් නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා ද තම ප්‍රේක්ෂකයා ප්‍රබෝධමත් කිරීමට සාර්ථක උත්සාහයක් දරා ඇත. කිණිසි පහරවල් වැනි අමතක නොවන දෙබස් ඛණ්ඩ වලින් ද නිලේන්ද්‍ර ජයන්ත ට නොදෙවනි ය.

“අම්මෙ, පරයියොන්ට කෑම දැම්මද අම්මෙ?”

“කැත විදිහට හිතන්නෙපා මිනිහෝ!”

“අපිව අවුරුදු 30ක් තිස්සෙ මදුරුවො කෑවා. තමුසෙට එක දවසක් මදුරුවො කන්න බැරිද?”

“ඔය අනවශ්‍ය නීති සේරම කොළඹ විතරයි මනුස්සයෝ!”

“කොහෙන්ද යාපනෙන් ද මිදි ගෙනාවේ? හරි ශෝක් අනේ..”

Friends

පූර්ව ඇඟවීම (foreshadowing) කලා නිර්මාණ වල දක්නට ලැබෙන උපක්‍රමයකි. කුරුසයක්, නාගයෙක්, කිණිස්සක් ආදී සංකේත ළඟ එන විපතක් ඉඟි කරයි. නමුත් මෙම සංකේත වල අධිභාවිතය ප්‍රේක්ෂකයාට බාධාවකි. නිලේන්ද්‍ර අවස්ථා 3ක දී නාගයින් පෙන්වයි. එනම්: තුවක්කුව පෙන්වන මොහොත, හමුදා කඳවුරේ රාත්‍රිය ගෙවන මොහොත සහ සිරී ගේ පුතා තුවක්කුව සොයාගන්නා මොහොත යන අවස්ථා යි. මේ සෑම අවස්ථාවකටම පසුව මිතුරන් මුහුණ පෑවේ කරදරයකට ය. මගේ මතය දෙවන හා තෙවන අවස්ථාවල සංකේත අනවශ්‍ය බවය.

Finding the gun

තුවක්කුව දුටු මොහොතේ සිටම සිරී එය විසිකරන්න යැයි මොරදෙයි. ඔහුට ඇති ගැටලු වලට පතොරම් විසඳුමක් නොවේ. නමුත් විමලේ ට හා සුරාජ් ට අවශ්‍ය එය සුරැකිව තබාගැනීමටයි. තුවක්කුව ගුණසිංහ පුරයට වැඩමවා පරෙයි කූඩුවේ හංගන්නේ විමලේ ය. බාප්පාගේ ජනේලයට වෙඩි තබා “අපිට අපේ පාඩුවේ ඉන්න දීපං” කියන්නේ විමලේ ය. මස්සිනාව තුවක්කු කට ඉදිරියේ දණගස්වා පා පහර දෙන්නේ සුරාජ් ය. නමුත් අවසානයේ කොකා ගැස්සෙන්නේ සිරීට ය. කවුරුන් යුද්ධයට/ අන්තවාදයට/ ආගම් වාදයට අනුබල දුන්නත්, කවුරුන් ජයපැන් බිව්වත් ඉන් බැට කන්නේ යුද්ධයට/ අන්තවාදයට/ ආගම් වාදයට සම්බන්ධ නොවූ පිරිසකි. (මම දේශපාලනයට අත නොතබමි.)

Back from the prison

වසර 10ක් සිරබත් ගිල, වැලිකඩින් එලියට එන්නේ හාත්පසින් වෙනස් මිනිසුන් තිදෙනෙකි. ගෙදර එන අතරමග දී බිම තිබී ඔවුන්ට රම්බෝ පිහියක් හමුවේ. ඊට නුදුරින් කාන්තා මළසිරුරකි. මෙවර පිහිය විසි කරන්නේ සිරී නොව විමලේ ය. සිර ගෙදර යුතුකම ඉටුවී ඇති සෙයකි. ඔවුන් තිදෙනාම බෞද්ධයෝ වෙති. නාගදීපේ වඳින්න යන්නේ එබැවිනි. වැලිකඩ සිර ගෙදරට එපිටින් ඇති බුද්ධ ප්‍රතිමාවට සිරී මහපාරේ දණගසා වඳින්නේ එබැවිනි. නමුත් තණ්හා ට, රති ට, රඟා ට වසඟ වූ මොවුන්ට ආගමෙන් සෙතක් සැලසුණා ද? නිලේන්ද්‍ර ප්‍රශ්න කරයි. එහෙත් පිළිතුර පැහැදිලි ය. මොවුන් තිදෙනාගේත්, මේ දිනවල බුකියේ උඩප්පරං ගහන සිංහලබෞද්ධයන්ගේත් වැඩි වෙනසක් මට නොපෙනේ. යන්නේ වන්දනාවේ ය. බෝතලේ පිටිපස්සේ ය. “දියං වහ ටිකක් බොන්න”  සිරී වරෙක කියයි. වහ බව දැන දැනත් බොන්නේ ඇයි? වරද ඇත්තේ නීතියේ නොව, එය පිළිපදින ආකාරයේ ය. වරද ඇත්තේ ධර්මයේ, නොව එය පිළිපදින ආකාරයේ ය.

Friends

අවසන් දර්ශනය ලෙස නිලේන්ද්‍ර ඉදිරිපත් කරන රූප පෙළ ද සංකේතාත්මක ය. මිතුරන් තිදෙනා ත්‍රීරෝද රථ තුනකින් නැවත A9 පාරේ උතුරට යයි. එම රථ ද ඔවුන් පෙර ගිය රථයටම සර්වසම ය. මෙය සදා නොනවතින වක්‍රාකාර කතන්දරයකි. “ඊයේ සහ හෙට අතර” යන්න පෑහෙන්නේ එතැනට ය.

ඡයාරූප – http://www.gossiplankahotnews.com/2013/04/thanha-rathi-ranga.html

Advertisements

ඊයේ සහ හෙට අතර ජීවත් වන මිනිසුන්ගේ කතාව” මත සිතිවිලි 2ක්

    1. පොලිසියෙදි කරන ප්‍රශ්නකිරීම ගැනද උඹ කියන්නෙ? එතන කිසිම හඳුනාගැනීමක් කරන්නෙ නෑ බං. මතකද සිරීගෙන් අහන ප්‍රශ්න ටික?
      “කොහෙද අනිත් අයුධ ටික හංගලා තියෙන්නෙ? තමුසෙට උං කීයක් ගෙව්වද?…”
      ඇතුළට ගනිද්දිම සිරිතුංගව අපරධකාරයෙක් කරලා ඉවරයි බං. පොලිස්කාරයා කරන්නෙ නිකන් තමන්ගෙ වුවමනාවක් සපුරගන්න එක විතරයි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )