ඔහු 5’10” පමණ උසය. වයස 60කට ආසන්නය. පපු ඇටය තෙක් රැවුල වැවී ඇත. වෘත්තියෙන් හිඟන්නෙකි. 176 බස් මාර්ගයේ සිට නිව් ලීඩ්ස් ආයතනයට යාමට ඇති පාර අතරමැද කුඩා අඳුරු කාමරයක් ඇත. එය ඔහු සහ තවත් දෙදෙනෙකු නිදන කුටියයි. ඊට නුදුරින් කණ්ණාඩියක් ඇත. ඒ ඔහු දෛනිකව මුහුණ සෝදන ස්ථානයයි. නුගේගොඩ ඩයලොග් සේවා ස්ථානයට යාබදව සයිවර් කඩයක් ඇත. ඔහු උදේ කෑමට මෙතනට එන්නේ බොහෝ විට ලා පැහැති කමිසයක් සහ තද පැහැති සරමක් ඇඳගෙනය. දවල්ට සිටින්නේ කොමර්ෂල් බැංකුව ඉදිරිපිට හෝ ‘ෆුඩ් සිටි’ය ඉදිරිපිට ය. රාත්‍රියට සිටගෙන සිටින්නේ ‘ෆුඩ් සිටි’යේ ඉදිරිපස ඇති ඩෙල්ටාවේ ය. මොහු වසර තුනකට පෙර එතන සිටි අයුරින්ම අද ද එතැන අත පාගෙන සිටී.


නුගේගොඩ ‘මුළුතැන්ගෙය’ට නුදුරින් හිඟන්නෝ පොදියක් නිතර ගැවසෙති. ඒ අතර රෝද පුටුවක නැඟුන අයෙකු ද වෙයි. (පැඩලයකින් ක්‍රියා කරන රෝද පුටුවක සිටින වෙනත් වයසක හිඟන්නෙකු ද නුගේගොඩ සිටින අතර මේ ඔහු නොවේ) එතැනින් කලබලයෙන් ඇවිද ගිය හැඩි-දැඩි අයෙකුගේ සපත්තුවට මොහුගේ කකුල පෑගුණි. “කොහෙද යකෝ යන්නෙ උඩ බලාගෙන! අම්මට හුකන්න! උඹට වගේ මට සපත්තු නෑ යකෝ!…”


නුගේගොඩ ‘නිරෝමි’ එක ඉදිරිපිට ය. සවස් වරුවකි. මම ලොකු අම්මලගේ ගෙදර යමින් සිටියෙමි. හොඳින් හැඳ-පැලැඳි කෙට්ටු පුද්ගලයෙක් මා වෙත පැමිණ එක්වරම කතා කළේය. “Excuse me! Excuse me sir excuse me… I’m from Dehiwala and I came here for some business. Unfortunately my purse got lost and I have no way of going home. Don’t think I am a beggar or something but if you can give me 20 rupees I’m very thankful. Do you live here?” “Yeah, over there” මම ඔහුට රුපියල් 20ක් දුනිමි. “Thank you so much sir” “It’s alright” ඔහු යාමට ගොස් නැවත හැරී, කටපාඩම් කර තිබූ දෙයක් අමතක වී නැවත මතක් වූ ලෙසකින් “Ah sir, good night!” කීය. මා සොරෙකුට හසුවූ බව වැටහුණේ එවිටය.


මම කොළඹ පුරහල අසල සිට මහජන පුස්තකාලයට ඇවිද යමින් සිටියෙමි. පුද්ගලයෙකු තම කැබ් රථය තුළ සිටිමින්ම ජනේලයක් තුළින් හිඟන්නන්ට කෑම පාර්සල් බෙදමින් සිටි අතර හිඟන්නෝ ද කෑම ගැනීමට පොරකෑහ. “පිං සිද්ධවෙනවා මහත්තයා” “එහාට පලයං හුත්තෝ දෙක දෙක ගන්නෙ!” “මුං සේරම හොරු සර්, මං විතරයි අහිංසකයෙක්ට ඉන්නෙ” “මහත්තයා දෙන්නෙපා මූ දෙකක් ගත්තා”… මම මටම පිං දෙමින් පුස්තකාලයට ගියෙමි.

Advertisements

යාචකයින්(ද?) (16+)” මත සිතිවිලි 2ක්

  1. මටත් අර උඹෙන් රුපියල් 20ක් ඉල්ලපු එකා ( මම හිතන්නෙ ඌ වෙන්න ඕනෙ ) ඉස්කෝලෙ ඉස්සරහදියි, නුගේගොඩදියි දෙපාරක් හම්බුනා. ආමි එකේ හිටපු එකෙක් කියල කිව්ව. එද්දි ප’ස් එක උස්සල ලු. වවුනියාවට යනවයි කිව්ව, රුපියල් 1400 ගානක් යනව කිව්ව. පලවෙනි සැරේ නම් රැවටිලා රුපියල් 20ක් දුන්න. දෙවනි සැරේ රැවටුන්නෑ. කරුමෙට එතන පොලිසියෙ කවුරුවත් හිටියෙ නෑ. වෙනදට ඉන්නවනෙ. මම වටපිට බලද්දි ඌ මාරු..

    කැමතියි

    1. කොච්චර පඬි කතා කිව්වත්, බලාපොරොත්තු නොවුණ වෙලාවක කඩුපාරක් වැදුණොත් අපි තාමත් පොඩ්ඩක් නැවෙනවා. ඒකයි ඔය වගේ උන්ට අහුවෙන්න ප්‍රධානම හේතුව.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )