සහෘදයා එනවා..

ලොවක් අතින් ගෙන කණාමැදිරි එළියේ,

සහෘදයා එනවා…

විදුලි එළිය බිඳලා,

සඳ එලිය වැටෙන සඳ මඬල සිතාගෙන තනිව සිනාසෙනවා..

ගින්දරද හිනාවෙනවා..

සීතලද හිනාවෙනවා..

වසයි කියා දැන රසයි කියාගෙන,

රස තල රිදවනවා…

දුමෙන් සිහින බලලා,

කැඩපතක් නොවන වීදුරුව අතින් ගෙන මුවේ සිනා බලලා,

වා බින්දු ඉහළ එනවා..

ජීවිතය පසක් වෙනවා..

ඉහිරෙන්න නොදී බින්දුවද සිඳී සින්දුවද බිඳී යනවා…

සහෘදයා යනවා..

අතින් මුදාහළ ලෝකය කැරකෙනවා..

සහෘදයා යනවා..

සහෘදයා යනවා…

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )