මසකට අධික වූ දිගු නිහැඬියාව මෙසේ බිඳින්නේ නොකියාම බැරි යමක් කියන්න ය. මේ දෙහිගහවත්ත සුපර් ටැලන්ට් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද බක්මහ උළෙලේ ‘නරක පමණක් දැකීම’කි. කියවන්නා දිනේවා!

‘කොට්ටා පොර’ තේරීමේ තරඟය ද ඇරඹුණි. ඊළඟ තරඟකරුවෝ දෙදෙන පුවක් කඳ මතට නැග ගති.
වම් පසින් සිටිනුයේ කුඩා කල සිටම මාගේ මිතුරෙකු වන *** ****ය. නිතරම ජිම් එක අවට හැසිරෙන ඔහු 3 වසරේ සිටම රග්බි ක්‍රීඩකයෙකි. දැනට පොලිස් කණ්ඩායමේද ක්‍රීඩා කරන ඔහු ඉදිරි සති කීපය තුල ජාතික තේරීම් තරඟ වලටද ඉදිරිපත් වීමට නියමිතය.
දකුණු පසින් නැග සිටින්නේ ගොමයා ය. අබේ ගේ පුතා ය. කළුම කළුය. ප්‍රතිමල්ලවයාට සාපේක්ෂව මඳක් කෙට්ටු වූවද, ගොවියෙක් නිසා අත-පය සවිමත් ය. කෙතරම් පිරිස් බලය තිබුණද අහිංසක පොරවල් හට වදනින්වත් ඔහුගෙන් හානියක් නොමැත.
කුඩා කල සිටම මුන් දෙන්නාවම දන්නා මම කාටවත් චියර් නොකර උඩ බලාගෙන සිටීමි.

තරඟ වටය ඇරඹුණි. පහර දෙක තුනක් හුවමාරු විය. පසුව දෙදෙනාම පෙරළී ඇදවැටුණි. වැටුණු සැණින් නැගිටගත් ***, ගොමයාට අතුල් පහරක් එල්ල කළේය. ගතවූයේ ක්ෂණයකි. හැටක පමණ පිරිසක් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට මැදට පැන්නහ. බීමත්ව සිටි කිහිපදෙනෙක් සිත් පරිදි අත පය වැනූ අතර තවත් කුඩා, අනු-කුඩා වලි කිහිපයක්ද එනිසා ඇති විය. වෙහෙසකර වෑයමකින් පසුව මට ***ව වෙන්කරගත හැකිවිය. ගැසීමට හේතුව විමසූ විට ඔහු කීවේ තරඟ වටයේ අවසාන කොටසේදී ගොමයා ‘අතින්’ද පහර එල්ල කළ බවයි. එය එසේ වූවත් ඔහුගේ ක්‍රියාව වැරදි බව පෙන්වීමට ගිය විට මට කීවේ “මට ගහන්න මුං? හඳේ තමයි. චිචීට කියලා බාවනවා මුං සේරම!…” එය ඇසූ මට අප දෙදෙනාගේ මිතුදම ගැන දුක සිතුණි. ඔහුට අඩි කීපයක් නුදුරින් සිටි වයස අවු. 15ක් පමණ වූ ***ගේ ඥාති සොයුරෙක් මට කීවේ “අපිට ගහලා නුගේගොඩින් යන්න නෙවේ ඉතිං මුං…” කියාය. මම ක්ෂණිකව ඔහුව ඉවතට ඇදගෙන ගියෙමි. මට කී වචන ටික එවෙලේ වෙන අයෙකුට ඇසුණි නම් එම පුත්‍රයාට සිය “මං පොර දා කව” සම්පූර්ණ කරගන්නට වෙන්නේ වෑතර රෝහලේ සිට ය.

ඈස් දේ සේ, ද රෙස්ට් ඊස් හිස්ට්‍රි.

බොහෝ රණ්ඩු වලට සේම මෙයටද මුල් වූයේ චණ්ඩියෙකු සතු වූ අසීමාන්තික පොරත්වයයි. “චිචීට කියලා බාවනවා මුං සේරම!”. ඔහුට සිය මොළයේ ඇති නියුරෝන වලට මීටත් වඩා දරුණු අපහාසයක් කරගත හැකිද? ඔහු සිතා සිටින්නේ දෙහිගහවත්තේ ඇතිවූ දුරදිග ගිය කොට්ට පොරයකින් ඔහුව ගලවාගැනීමට, වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ මඳක් සමාජයීයව පසුබා සිටින රෝහිත රාජපක්ෂ පැමිණේවි කියාය. අහෝ දුකකි ඉරකි තිතකි, තිත් පේළියකි.

අපේ තාත්තා නම් කියන්නේ ‘අත ඉස්සර වූ එකා චණ්ඩියා’ කියාය. මම ද යම්තාක් දුරකට එය පිළිගනිමි, මන්ද චණ්ඩීන් ඇතිවීමට මෙන්ම නැතිවීමටද ගතවන්නේ ක්ෂණයකි. සියළුම චණ්ඩීන් සාපේක්ෂය. පොර සේ රණ මැදට යන ඇතැම් සිංහ පෝතකයින්, තම සිහින කුමරිය හමුවේ හික් මීයෝ වෙති. කිසිදු ස්ත්‍රී පරාණයකට නොසැලෙන මා වැනි (සභාවේ සිනා) ඇතැම් අය දන්නේ වලියක් ඇතිවූ විට නැවැත්වීමට පමණි. හේතුව සාධාරණ වේවා අසාධාරණ වේවා, යම් සිවිල් වලියක් දුටු විට මට එය නැවැත්විය හැකිනම් මම එය නවත්වමි.
‘මහා’ බක්මහ උළෙලට පසුව තිබුණේ සුපර් ටැලන්ට් ‘මහා’ සංගීත ප්‍රසංගයයි. ජනප්‍රිය මක්කුන්ද මක්කුන්ද ආවා යැයි කීවත් මම නම් ආපු උන්ව නොදනිමි. එය මාගේ අඩුවක් විය හැක.

ගම හරහා දිවීමෙන් අරඹා, අවුරුදු කුමරියගෙන් අවසන් වනතෙක් අවුරුදු උළෙලට සහය වූ මම රාත්‍රී ප්‍රසංගය පැත්ත පළාතක නොගියෙමි. ඒ වෙනුවට කනට දරාගත හැකි ධ්වනි තීව්‍රතා මට්ටමක් සහිත ප්‍රදේශයක වූ මා නිවසේ, ඇඳ මතට වී පොතක් කියවීමි. කොහොමටත් මම සංගීත ප්‍රසංග රසිකයෙක් නොවෙමි. ඔවුන්ගේ රසඥතාව මට සුසර වන්නේ නැත. එම කලාවට අනුනාද වීමට මට වුවමනාවක් ද නැත. අනෙක් අතට සංගීත ප්‍රසංග වලට ඇති රුචි අරුචිකත්වය අනුව ලිංග භේදය අර්ථදක්වන්නේ කෙසේද කියා ද මට තවම නොතේරේ.

හැකි තරම් මානා හීය විද්දෙමි. වදින තැන් වලට වැදීයං!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )