INET Colombo 2015 ඇරඹුණි

(මෙය http://readme.lk/inet-colombo-2015-happening/ ලිපියේ ඍජු පරිවර්තනයකි.)

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල උත්සවය වන INET Colombo 2015, 2015 ජුනි 9වන දින කොළඹ කිංග්ස්බරි හිදී පැවැත්වේ.

අන්තර්ජාල සංසදය – ශ්‍රී ලංකා අදියර මඟින් සංවිධානය කර ඇති මෙම උත්සවයේ අනුග්‍රාහකභවතුන් වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (ප්ලැටිනම් අනුග්‍රාහක), ඩයලොග් ආසියාටා සමාගම (සාංවත්සරික ප්‍රධාන අනුග්‍රාහක) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සියයි (ජාතික අනුග්‍රාහක).

ඒ අතරම, INET 2015 සඳහා මාධ්‍ය සහකරු ලෙස ReadMe අප කණ්ඩායම ක්‍රියාකරන බව සාඩම්බරයෙන් දැනුම් දෙමු.

ඊට අමතරව, උත්සවයේ සම-සංවිධායකවරු ලෙස අන්තර්ජාල සංසදය, LK වසම් ලියාපදිංචිකරණ ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය සහ LEARN ආයතනය ක්‍රියාකරයි. අන්තර්ජාලය හා ඒ සම්බන්ධ දැනුම් පරාස ඔස්සේ ජාත්‍යන්තරව කීර්තියට ලක්වූ අන්තර්ජාල ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති විශේෂාංග සමඟින් උත්සවය වර්ණවත් වනු ඇත.

ඔවුන් අතර:

  • මහාචාර්ය කිල්නම් චොන් – ආසියාතික අන්තර්ජාලයේ පුරෝගාමියෙකි
  • මහාචාර්ය කංචන කංචනසුත් – තායිලන්තයට අන්තර්ජාලය ගෙන එන ලදී
  • මහාචාර්ය මොහාන් මුණසිංහ – ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික පුරෝගාමියෙකි
  • රවුල් එෂෙබෙරීයා – ලතින් ඇමෙරිකානු සහ කැරිබියානු ප්‍රදේශ වල අන්තර්ජාල පුරෝගාමියෙකි
  • මහාචාර්ය අභය ඉඳුරුව – ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය බෙදාහැරීමේ අධ්‍යාපනික හා පර්යේෂණාත්මක මට්ටමේ කර්තව්‍ය වල පුරෝගාමියෙකි
  • මහාචාර්ය සමන් අමරසිංහ – මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) විදුලි ඉංජිනේරු සහ පරිගණක විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකි

යන අයද වෙති.

ඊට අමතරව, විවිධ දෙස් විදෙස් කථිකයින් රැසක් විසින් ගෙන එන විශේෂාංග රැසකින් සම්මන්ත්‍රණය හැඩගැන්වීමට නියමිතය.

INET Colombo 2015 උත්සවය සැසිවාර හතරකින් පැවැත්වෙනු ඇත.

  • අන්තර්ජාලයේ සහ තොරතුරු තාක්‍ෂණයේ ඉතිහාසය, පරිණාමය සහ වර්ධනය
  • අන්තර්ජාල වර්ධනයේ සහ පාලන ක්‍රමයේ අවස්ථා සහ ගැටලු
  • පසුබිම ගොඩනැගීමෙන් පසු දැකිය හැකි යහපත් අනාගතයක පෙරනිමිති
  • මහාචාර්ය සමන් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අන්තර්ජාල සහ තොරතුරු තාක්‍ෂණ නව්‍යකරණ මඬුලු සාකච්ඡාව.
    මෙම සැසියේදී මෘදුකාංග පැකේජ භාවිතය වෙනුවට අන්තර්ජාලය පදන්වූ යෙදවුම් වල ඉදිරි භාවිතය පිළිබඳව අවධානය යොමුවනු ඇත. අන්තර්ජාල සංසදය – ශ්‍රී ලංකා අදියරේ සභාපති, මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පැහැදිලි කළ ආකාරයට මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලාංකිකයින් හට සුවිශේෂී අත්දැකීමක් වනු ඇති අතර උනන්දුවක් දක්වන සියළු පාර්ශවයන් හට ලියාපදිංචි වන මෙන් සංවිධායකවරු පවසතියි ඔහු වැඩිදුරටත් පැවසීය.

INET Colombo 2015 වෙත ලියාපදිංචි වීම සඳහා http://isoc.lk/inet2015/ වෙත පිවිසෙන්න. ප්‍රධාන අඩවියේ (කිංග්ස්බරි හෝටලය) ඇත්තේ සීමිත ඉඩකඩක් වූවද, නුවර සහ යාපනය ඇතුළුව දිවයින පුරා පිහිටා ඇති දුරස්ථ මධ්‍යස්ථාන ද ඇතුලත්ව මුළු සහභාගීත්වය 1000ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )