සෑහෙන්න කාලෙකට පස්සෙ මේ කට අරින්නෙ බ්ලොග් එක වටේ තියෙන මකුළුදැල් ටික එහෙම පොඩ්ඩක් කඩලා දාන්න. වැඩි වෙලා සුද්ද කරන්න බලාපොරොත්තුවක් නෑ, මොකද දැං අපිටත් මේක ඇරෙන්න වෙන වැඩ තියෙනවා!

පසුගිය කාලෙ කට වහන් හිටියෙ වැඩ වැඩි නිසාමයි කියන්නත් අමාරුයි, මොකද දැන් පොඩ්ඩක් ආපස්සට හැරිලා බලද්දි කරපු මහලොකු මගුලකුත් නෑ. ඇත්තෙන්ම නෑමයි කියන්නත් අමාරුයි, මොකද අපි කරන හැමදේම පිටට පේනනෙ නෑනෙ.

පහුගිය දවසක කවියක් ලියන්න ඕනෙ කියලා හිතිලා වැස්ස වෙලේක කොලයක් එහෙම අරගෙන ලෑස්ති වුණා. ගෙදර තනියෙන් ඉන්න රෑ වෙලාවක වහිනවා කියන්නෙ මමනං පට්ට කැමති වෙලාවක්. වලත්ත හැඟීම් එන නිසාම නෙමේ, එන ඕන හැඟීමක් අහස ඉරාගෙන, පොළොව පලාගෙන, මහමුහුද දෙබෑ කරගෙන එන නිසා. ඉතින් කොලෙයි පෑනයි අරං පද දෙක-තුනක් ලිව්වා විතරයි *තොකොස්* ගාලා වැහි බිංදුවක් වැටුණා කොලේ උඩට! නෑ මම බය උන්නෑ, උඩ බැලුවා කොහෙන්ද වැටුණෙ කියලා. වහළෙ එක තැනක් තෙත් වෙලා වගේ තිබුණා. යකෝ පේන්නෙවත් නැතිතරං හින්නිකිතර හිලකින් මෙච්චර පත වතුර බිංදුවක් රිංගුවෙ කොහොමද? මට මල පැනලා කොලේ විසික්කරලා දාලා නිදාගන්න ගියා.

ඔය වගේ සිද්ධි නිසා ලිපි එක දෙක මඟහැරුණා. සමහර වෙලාවට පැය බාගයක් විතර තිස්සෙ මොනවාහරි ලිය ලිය ඉඳලා, ටිකක් වෙලා ඉද්දි ඒක ගොම්පාට් එකක් වගේ කියලා හිතිලා එක තප්පරෙන් ඩිලීට් කරලා දානවා. තව සමහර වෙලාවට බාගෙට ලියලා නවත්තපු එකක් ආයෙ ලියන්න ලියන්න ගනිද්දි අර මුලින් තිබ්බ මොරාල් එක ගිහිං! ඒ වෙලාවටත් ඉතිං දමලා ගහලා නිකං ඉන්නවා. තාමත් ඇති එහෙම බාගෙට ලියපු කොල දුසිමක් විතර.

පහුගිය මාසෙ කොළඹ එක්සෙල් ව’ල්ඩ් එකේ සමාජ මාධ්‍ය දිනයක් සංවිධානය කරලා තිබ්බනෙ එටිසලාට් එකෙන්. ලංකාව වටේ ඉන්න ටෙකාලා සෙට්වෙන ඔය වගේ උත්සව වලින් මම ගියපු මුල්ම එක ඕක. ඒකත් යන්න සෙට් වුණේ කලින් දා රෑ. එතනදි ජීවීතේ (සහ ශ්‍රී ලංකාවේ විස්තරාත්මකව) පළමු වතාවට කරපු සජීවී බ්ලොග්කරණයට මුල පුරන්නත් අවස්ථාව ලැබුණා. ඒ ගැන නං පොඩි ආඩම්බරයක් නැත්තෙම නෑ, ඒත් ඊට වඩා නම් ඒ සිද්ධිය ගැන මම මුකුත් කියන්නෙම නෑමයි, හිත රිදෙන කතන්දර බෝමයි

බ්ලොග් එකෙන් ඇත්වෙලා හිටිය ටිකේ ඉතිං මේ විදින එකා විශ්ව විද්‍යාලෙටත් තේරුණානෙ. (ඔව් ඔව් මොරටුව ඉංජිනියරින් තමා.) ඉතින් මේ දවස් වල හැතැනම සින්නො අපිට කුප්පි දානවා. අදත් එකක් තියෙනවා ඉස්කෝලෙ. කොණ්ඩෙ, රුවුල වවං සතා වගේ තමා යන්නෙ. ඒත් හිතට නං එහෙමම අවුලක් නෑ, මොකද නීතීයට අනුව හැසිරෙන්න ඕන කාලෙ කොණ්ඩෙ කොටටම කපං මට්ටයා වගේ ඉස්කෝලෙ ගියෙ. ඒ දවස් වල ප්‍රිෆෙක්ට් කාරයො අපිව දැක්කම ඇවිදින්නෙ නිකං ආනන්දෙ ආදි කර්තෘවරු වගේ! දැන්නං ඉතින් උන්ගෙ හුකාරිස් අපිට අදාළ නෑ.

කැම්පස් සෙට් එක සෙට්වුණත් එක්කම තමයි මේ බ්ලොග්කරණය ගැන ආයෙ පොඩි රැල්ලක් ආවෙ. අපේ සෙට් එකේ එකෙක්ට ඕන වුණා සයිබර් සඟරාවක් ගහන්න. සෙට් එකේ පරණම බ්ලොගා මම. ඉතින් අයිඩියා එක උන්ගෙ වුණාට මටත් ඒකට වෙහෙසෙන්න වුණා. අන්තිමේ කොහොමහරි මේ ළඟදි ඒකත් පටන්ගත්තා. නම නං කියන්න බෑ, මොකද ඒකෙ ලියන හැම එකාම ඉන්නෙ වෙස්මූණු දාගෙන. නෑ, කාටවත් බයකට එහෙම නෙවෙයි. අර උඩිම්ම දාලා තියෙන ජෝකර් වහන්සෙගෙ කතාව ඇත්ත කියලා තේරුණේ බොරු නමක් දාගත්තට පස්සෙ නිසා. භාෂාව නං වෙනස්කරන්න අදහසක් තාම නෑ. සිංහල බ්ලොග්කරණය කියන්නෙ කලාවක්. මම ඒකට ආදරෙයි.

හපෝ මේ ලිව්වා හොඳටම ඇති. ඔන්න නොකිව්වයි කියන්නෙපා ආයෙ කවදා ලියන්න හම්බෙයිද දන්නෑ හොඳේ? මේක අන්තිම ලිපිය වෙන්නත් බැරි නෑ! කමක් නැහ්, අපි හම්බෙනවනං මහපාරෙදි හරි හම්බෙයි. අනික සයිබරේට වඩා ශ්‍රී ලංකාව පොඩියි නෙ!

ඇති. අපි ගියාවෙ. ජය!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )