ඉංජිනියරින්

අද වුණේ කන කොකා විය-සිදුරෙන් අහස බලනවා වගේ කේස් එකක්. වෙලාව හවස පහයි, එළියෙ ගොරව ගොරව වහිනවා, ගෙදර කරන්ට් නෑ, කරන්න දේකුත් නෑ. පර්ෆෙක්ට්. ඉතිං, ගත්තා ලැප් එක කාලෙකට පස්සෙ ලියන්න (චාපාගෙ ඇල්බම් එකකුත් දාගෙන).

යකෝ මෙහෙම හිටියට මම දැං ඉංජිනියරින් තේරිච්ච කොල්ලෙක්! තොපිට අගේ නැති වුණාට!

රිසල්ට් ආව දා ඉඳලා පාර අයිනෙ ඉන්න බල්ලො පවා අහන්නෙ “තාම පටන්ගත්තෙ නැද්ද කැම්පස්?” කියලා. දැන් උන්ට ඒක අහලත් එපා වෙලා මට උත්තර දීලත් එපා වෙලා. ඒත් ඉතිං සිරිතක් විදිහට තාමත් අහනවා, අහලා අධ්‍යාපන අමාත්‍යංශෙටත් ටිකක් බැනලා ඡන්දෙ දිනපු උන්ටත් ටිකක් බැනලා යනවා.

ඊයෙ රෑ අපේ ගෙට් එක. අපේ කිව්වෙ ආනන්දෙට ගිය මොරටුවට තේරිච්ච උන්ගෙ. දහසක් බලාපොරොත්තු තියං ගියා ඉතින් අයියලව හම්බෙලා, අඳුරගෙන, උපදෙස් එහෙම අරගෙන, අති ඉංජිනේරුමය රාත්‍රියක් ගෙවලා එන්න.

රෙද්ද.

පටන්ගත්ත වෙලාවෙ නම් යමක් වේගෙන වගේ ආවා. අයියලා කඩ්ඩෙන් කතා කරනවා, අපිත් කඩ්ඩෙන් ඔළුව වනනවා. අයියලා කඩ්ඩෙන් ජෝක්ස් කෑලි දානවා, අපිත් කඩ්ඩෙන් හිනාවෙනවා…ඔහොම ටිකක් වෙලා යද්දි අපේ ජාතියෙ එකෙට්ට මයික්‍රෆෝනය සෙට්වුණා. හිතාගතෑකිනෙ. උගෙ කඩ්ඩ බලුයි, හැබැයි ඌ සුදුයි.  ඒ නිසා සිංහලෙන්ම දුන්නා. හම්මට සිරි. ටිකක් වෙලා යද්දි මයික් එක ගන්න ගන්න එකා කතා කරන්නෙ බෝඩිම් වල, ෆැකල්ටියෙ, පාරෙ යනගමන් කෙලපු පිස්සු ගැන. සැප සයුරකි සබඳ! උන්ගෙ කතා ටික නවත්තද්දි හිනාවෙලා හිනාවෙලා මූණත් රිදෙනවා. දැන්නං උන්ව දැක්කත් හිනා යනවා.

ඊට පස්සෙ බියර් පොං. ඇත්තම කිව්වොත් මමනං මීට කලින් බියර් පොං ගහනවා දැකලා නෑ. අපි ඕවට නෑනෙහ්. බියර් කිව්වට නිකං ලයන් වගයක් ගෙනත් තිබ්බෙ. ඒවට නං වදින් නෑ, හැබැයි සමහරු නං බොරුවට රඟනවා. නයි කයිද රෝස්පාං. ඕක අස්සෙ බාර් එකත් ඇරියා. ඩීජේ තුමත් වැඩ පටන් ගත්තා. ඉතිරිය ඉතිහාසයයි, සබඳ.

කාලා එහෙම ඉවරවෙලා කට්ටිය ඩාන්සිං. අපේ බැජ් එකේ කවුරුවත් එතන අයියලව හරියට අඳුරන්නෙවත් නෑ, අපේ එකෙක්වත් වදින්න ගහලා හිටියෙත් නෑ. හැබැයි ඩාන්ස් ෆ්ලෝ (දැට්ස් වට් දේ කෝල් ඉට් අයි ගෙස්) එක රත් කරලා ගත්තෙත් අපේ උන්මයි. ලෙවල් 1 අයියා කෙනෙක් කියලා “මුං බොන්නැතුව මෙච්චර නටනවනං බිව්වට පස්සෙ කොහොම හිටියිද!” කියලා. මම ඉතින් ඔය නටන සීන්ස් වලට වැඩිය නෑනෙහ්. ඒත් ඉතිං නිසල් රණසිංහ, කෞෂල්‍ය ගයාන් බටවල, චිරත් දියගම, දමිත ලෙනදොර වගේ විදග්ධ පොරවලුත් නටනවනං, වටේ පිටේ ගෑනු පරාණත් නැත්තං අපි මොකටද පස්ස ගහන්නෙ ආයුබොවන්ඩ?

කොහොමින් කොහොමින් හරි බියර් පොං අන්තිම ලාස්ට් ෆයිනල් අවසාන මහා තරඟෙන් එහෙම පස්සෙ අයියලා ආයෙ වටවෙලා පොඩි උන්ව ඇමතුවා. මටනං මතක ජනිත් අයියගෙ කතාවයි, සාදු අයියගෙ හිටිවන කවි ටිකයි විතරයි. තව එකක්, මට දෙයක් මතක හිටින්න නං ඒක සෑහෙන්න වටින දෙයක් වෙන්න ඕන.

“ගැට්ටෙ උං එක්ක කේස් දාගන්නෙපා. කොළඹ කියන්නෙ සංකල්පයක්. හදවතට ඇහුම්කන් දියං…” කුප්පි ගිය මුල් දවසෙ ඉඳලා අදටත් සින්නො කියන්නෙ ඔය ටික. මටනං මේ සංස්කෘතියෙ නොතේරෙන තැන් අම්බානක තියෙනවා. මුං අළු යට තඩි ගින්නක් තියාගෙන ද ඉන්නෙ? නැත්තං අපිව බයකරන්න නිකං බොයිය දානවද? එහෙමත් නැත්තං මේවා පරපුරෙන්-පරපුරට එන කුණු ද?

අනේ මන්දා. ගිහිං බලමු.

කියවූ ඔබට ජය!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )