This text was never meant for public eyes. I just scribbled the words for “later” reference. Leaving it here on an afterthought, because life is too short for “later”. This is also a considerably old writing so do not let the time references fool you.

බබා ගෙ අම්මා ඊයෙ නැති වුණා; අවුරුද්දකටත් වඩා කල් තිබුණ ලේ පිළිකාවක් නිසා. ඊයෙ නයිට ගහන්නැතුව බෝඩිමට එන්න වුණා, මෙකැනිකල් ජීවිතයට පිං සිද්දවෙන්න. මේ යන තත්වෙ හැටියට මට මැරෙන්නවත් වෙලාවක් තිබ්බොත් ඇති.
තිලකෙ ගෙ තාත්තා නැති වුණේ ගිය අවුරුද්දෙ; මධ්‍යසාරීය නොවන සිරෝසිස් තත්ත්වයක් නිසා. මළ ගෙදර තඹුත්තේගම තිබුණට තිලකෙ ගෙ යුනිවසිටි යාලුවොන්ගෙන් එතනට මුලින්ම ගිය එකා මම. හැබැයි ඇත්තටම තාත්තට වුණේ මොකක්ද සහ ඒකට තිලකෙ දක්වපු ප්‍රතිචාරෙ මම දැනගත්තෙ ඊයෙ වෙච්ච බබාගෙ අම්මගෙ මරණෙ දවසෙ.

“මිනිස්සුන්ට මැරෙණවා කියන එක දැනෙන්නෑ බං. ඕක තමන්ට වෙනකං මිනිස්සුන්ට දැනෙන්නෑ,” තිලකෙ කියයි. “අපි ඉන්නෙ බං ඉගෙනගන්න කාලෙ කොහොමහරි අම්මලගෙ සල්ලි වලින් ඉගෙනගෙන, පස්සෙ අපි සල්ලි හොයන කාලෙක දෙමව්පියන්ට රජවරු වගේ සළකන්න නෙ? කොල්ලො කොහොමත් තමන්ට එන හැඟීම් වචන වලට හරවන්නෑනෙ, කරලම පෙන්නුවොත් මිසක්. ඒක මහ බොරු වැඩක් බං. අපි හිතන් ඉන්නවා අම්මට තාත්තට තෑග්ගක් අරන්දෙන්න අපි ගාව සල්ලි නෑ, රස්සාවක් කරන කාලෙක ඕන දෙයක් දෙනවා කියලා. සල්ලි වැඩක් නෑ බං. අන්තිමට අපි සල්ලි හොයලා බලද්දි ඒවා වියදම් කරන්න කවුරුවත් හිටියෙ නැත්තං?”
“අපි හොඳ තැනකට ආවට පස්සෙ අම්මා-තාත්තට රජවරුන්ට වගේ සළකන්න ඉන්නවා. පස්සෙ ඒ මිනිස්සු එකපාරටම නැතිවෙනවා. අන්තිමට බලද්දි අපි නිකං ඒගොල්ලංව හූරගෙන කාලා වගේ වැඩක් වෙලා තියෙන්නෙ. ඒක මහ කාලකණ්ණි හැඟීමක් බං.”
“තාත්තලා මේ තැන්වලට ඇවිත් තියෙන්නෙ තනිකර අත් දෙකේ හයියෙන් විතරයි බං. මං මේ එහෙම දේකට කියනව නෙවෙයි මං දන්නවා උඹලගෙ තාත්තලත් හොඳට දුක් විඳපු මිනිස්සු. තාත්තලට තිබ්බ දේවල් එක්ක බලද්දි අපිට මොනවද බං අඩු වුණේ? මෙච්චර ලක්ෂ හය හතේ වාහන ගත්තෙ, ඉඩම් අරං ගෙවල් හදලා අපිටත් ඉගැන්නුවෙ තනිකර බින්දුවෙන් පටන් අරගෙනනෙ බං. බලපං අවුරුදු 21ක් වෙලත් අපි මොනවද කරගෙන තියෙන්නෙ? අම්මට තාත්තට හරියට මූණ බලලා කතා කරලවත් නෑ. ඇහුවොත් නං අම්මලා ආඩම්බරෙන් කියනවා ‘පුතා කැම්පස් නෙ දැං. ඔව් මොරටුවෙ! ඉංජිනේරු, ඔව්…’ මොනාද බං අපි ළඟ තියෙන්නෙ? අපි දන්න පයියක් නෑ බං..”
තිලෙකෙ එක්ක උගෙ තාත්තට වෙච්ච දේවල් පැයක් විතර තිස්සෙ ඌ මට කිව්වා. ඒවා මට ඉන්ටරෙස්ටිං වුණාට ඒ සේරම ලියන්න ඕන නෑ; ලියන්නත් බෑ. තිලකෙ දක්වන ප්‍රතිචාර මට වැදගත්, මොකද එතන මම හිටිය නම් බොහෝවිට මං දක්වන ප්‍රතිචාරත් ඒවම තමයි.
“වෙලාවකට හිතෙනවා මේක මොන බොරුවක්ද කියල බං. අපේ ජීවිත වල වැදගත්ම දේවල් අපි ගනං ගන්නෑ, හැබැයි කිසිම වැඩකට නැති මෝඩ බොළඳ රෙද්දවල් පස්සෙ නං යනවා හරක් වගේ. අපරාදෙ බං අපි ජීවත්වෙන කාලෙ. සමහරුන්ට වයසට ගිහිල්ලවත් ඒක තේරෙන්නෑ බං. මං කිව්වෙ, මිනිස්සු කොච්චර මැරෙණවා මැරෙණවා මැරණවා මැරෙණවා කිව්වත් ඒක දැනෙන්නෑ. තමන්ට වෙන්නම ඕන. තුන්තිස්පැයේම බණ අහනවා. අපරාදෙ බං.”

Everybody dies. It’s the one thing human beings can be relied upon to do. – Mycroft

“ගෙදර ගිහාම අම්මලත් එක්ක පොඩ්ඩක් කතා කරලා, කුස්සියට ගිහින් උදව්වක් එහෙම කරලා ඉඳපං බං. නැතිවෙච්ච දවසක උඹට තේරෙයි මොන අපරාධයක් ද කියලා,” ඒ උවින්. උගෙ අම්මත් මේ ළඟදි මරණාසන්න අත්දැකීමක් වින්දා. මම 7 වසරෙ ඉඳන් ඌව දන්නෙ, හැබැයි එදා තමයි පළවෙනි වතාවට උවිනා අඬනවා දැක්කෙ.
ගල්ගෙඩි වගේ ඉන්න ගොඩක් උන්ට තියෙන්නෙ පොඩි උන්ගෙ වගේ සංවේදී හිත්. උන්ව ඇනලයිස් කරන එකත් කලාවක්. ඒත් ඉතිං ඔව්වට කොහෙද වෙලාවක්!

UPDATE: I wrote this and waited 30 days without publishing. On the day I finally decided to do, Zupun’s dad passes away. I have a very bad feeling about my writing.

Advertisements

ලයිෆ් එක.” මත සිතිවිලි 2ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )