විකල්ප අවසානයන් (alternate endings) කියන්නේ, නාටකයක කථා වින්‍යාසය නිරීක්ෂණය කරලා ඒ කතාවේ අවසානය ගැන රසිකයින් මවන සිද්ධාන්ත. මේවා ගොඩක්දුරට හිතළු විතරයි. හැබැයි ඒවා ඇත්ත වෙන්න තියන අවස්ථාව (අඩුම තරමේ, කතාව ඉවර වෙනකන්) 0% වෙන්න නැහැ. ඒවා එච්චරටම සිත්ගන්නාසුලු වෙන්නෙ ඒ නිසයි. සමනළ විප්ලවයෙන් පස්සේ, ශ්‍රී ලංකාවේ විකාශය වෙන ටෙලියක් ගැන කවමදාකවත් විකල්ප අවසානයන් ගොඩනැගෙයි කියලා මම නං බලාපොරොත්තු වුණේ නෑ. හින්දි වහුකුණවල් බලන් හිටපු  අපේ උන්ගේ මොළ හෝදලා ගන්න හදන මේ වෑයමට මම නැගිටලා අත්පුඩි ගහන්නේ ඒ නිසයි.

වැඩිය දිගට ලියන්න බෑ. දිගට ලියන ඒවා කියවන්නත් බෑ. කියවන්න වෙලාවකුත් නෑ. ඒ නිසා මගේ කන් දෙකෙන් අහපු රසික සිද්ධාන්ත ටිකක් ඉතාමත් කෙටියෙන් කියන්නම්. මීට අමතරව තවත් ඒවා දන්නවා නම් පහළ ප්‍රතිචාර වල දාමු; මම ඒවා ලිපියේ යාවත්කාලීන කරන්නම්.

අංක 1

හිරුණි කියන්නේ CID ඒජන්තවරියක්. ජෙහාන්ගෙ ගේම් සේරම ඇතුළෙ ඉඳන් බලන් ඉඳලා, අන්තිමට ජෙහාන්ගෙ බෙල්ලට තොණ්ඩුව දාන්න අටවපු උගුලක්. වාමාංශික පිළේ කට්ටිය එන්නෙත් ජෙහාන්ට කියලා වැඩක් කරවගන්න නෙවෙයි, පද්මකුමාර මාධ්‍යවේදියාට දීපු ගේම් එකේ පලිය ගන්න. වැඩි විස්තර මෙතනින්.

අංක 2

හිරුණි ජයවර්ධන කියන්නේ ශාක්‍ය ජයවර්ධන ගේ දුව. ජෙහාන් ඒක දැනගන්නේ ශාක්‍යා හෝල්ඩින්ග්ස් ඇතුළේ ගේම පත්තුවුණාට පස්සේ. මේකට මල පැනලා ජෙහාන් වාමාංශික පක්ෂයෙ සහෝදරවරුන්ට විරුද්ධව වෙනම ගේමක් දීලා හැංගෙනවා.

අංක 3

ජෙහාන් කියන්නේ පිස්සෙක්. මානසික රෝහලක ඉන්න රෝගියෙක්. ප්‍රියන්ත, ඔස්ටින්, ටිරාන්… සේරම අය එතන ඉන්න මානසික ලෙඩ්ඩු. කූඹියෝ කියන්නෙ ජෙහාන් තියන පිස්සා දකින ලොකු සංකීර්ණ හීනයක්. හිරුණි කියන්නේ රෝහලේ ඉන්න වෛද්‍යවරියක්. කතාවේ අවසානය ජෙහාන් හීනයෙන් අවදිවීම.


මේ සිද්ධාන්ත වලින් පැහැදිලි කෙරෙන්නේ නැති කෙළවරවල් (loose ends) ගොඩක් තියෙන නිසා මම නම් මේ එකක්වත් විශ්වාස කරන්නෙ නැහැ. ඒත් කලින් කිව්වා වගේ, මේ අලුත් රැල්ලට මං ආදරෙයි. අලුත් පරපුර™ නෙවෙයි කවුරු මේක කළත්, හදපු උන්ට පිං!

Advertisements

කූඹියෝ: විකල්ප අවසානයන්” මත එක් සිතිවිල්ලක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w