2011 වසරේ බ්‍රහස්පති වෙත දියත් කෙරුණු NASA හි Juno ගවේෂක යානය, එම ධූලි දැවැන්තයා වෙත පැමිණුනේ 2016-මැද භාගයේදී ය. ඉන්පසුව එය බ්‍රහස්පති වටා දින 53ක කක්ෂයකට නතුවී, සිය ගවේෂණ කටයුතු ඇරඹීය. එහි ඇති තාක්ෂණික මෙවලම් නවයෙන් එකක් වන JunoCam ඡායාරූපකරණ මෙවලම විසින් දිගින් දිගටම පෘථිවිය වෙත රතු, කොළ සහ නිල් වර්ණ වෙන්-වෙන්ව ඇති පරිදි බ්‍රහස්පතිගේ සේයාරූ එවන ලදී. NASA ආයතනය විසින් ද ඕනෑම අයෙකුට ඒවා සංස්කරණට, බෙදා ගැනීමට, ළඟ තබාගැනීමට හැකි පරිදි වෙබ්අඩවියක උඩුගත කර ඇත. Seán Doran සහ Gerald Eichstädt වැනි දත්ත විශ්ලේෂකයින් මෙම ඡායාරූප දිගින් දිගටම සියුම් ලෙස අධ්‍යනය කරමින්, වර්ණ ගලපමින්, එළිය-අඳුර නිවැරදි කරමින් බ්‍රහස්පතිගේ චමත්කාරජනක රූප පෙළක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර ඇත.

මෙම තොරතුරු නොමිලේ නිකුත් කිරීම පිළිබඳව Seán Doran හටත්, එම දත්ත පෘථිවිය වෙත ගෙන ආ NASA ආයතනයටත්, Southwest Research Institute (SwRI) සහ Malin Space Science Systems (MSSS) ආයතන වලටත් හදපිරි ස්තූතිය!

සබැඳිය: The Photoshoppers Behind Dreamy Jupiter Photos


පුපුරා ගිය තාරකා වල අවශේෂ කොටස් (හෙවත් සුපර්නෝවා නටබුන්) අතරින් Cassiopeia A (Cas A) යනු වඩාත් තියුණු ලෙස අධ්‍යනයට ලක්වූවකි. NASA හි ඇති Chandra එක්ස්-කිරණ නිරීක්ෂණාගාරයෙන් නිකුත් වූ නවතම ඡායාරූපයේ, Cassiopeia ගේ සුපර්නෝවා පිපිරීම නිසා විශ්වයට මුක්ත වූ විවිධ මූලද්‍රව්‍ය වල පිහිටීම ඉතා අලංකාර ලෙස සටහන් වී ඇත: සිලිකන් (රතු), සල්ෆර් (කහ), කැල්සියම් (කොළ) සහ යකඩ (දම්). බාහිරින්ම ඇති නිල් පැහැ වළල්ලෙන් කම්පන තරංගය දැකගත හැක.

casa_elements

NASA වෙබ්අඩවියේ ඇති පරිදි:

While the exact date is not confirmed, many experts think that the stellar explosion that created Cas A occurred around the year 1680 in Earth’s timeframe. Astronomers estimate that the doomed star was about five times the mass of the Sun just before it exploded. The star is estimated to have started its life with a mass about 16 times that of the Sun, and lost roughly two-thirds of this mass in a vigorous wind blowing off the star several hundred thousand years before the explosion.


මැණික් පෙට්ටියක් ලෙස පහතින් දිස්වන Hubble අභ්‍යවකාශ දුරේක්ෂ ඡායාරූපයෙන් දැක්වෙන්නේ අපගේ ක්ෂීරපථ මන්දාකිණියේ හදවත, හෙවත් මධ්‍ය ප්‍රදේශයේ ලබාගත් ඡායාරූපයකි. අපගේ මන්දාකිණියේ මධ්‍ය ලක්ෂ්‍යයට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ 26,000 පමණ වේ. වයසින් වැඩි රතු යෝධයින් අතර වැඩිපුර දැකගත හැක්කේ තරුණ, සුදු පැහැ, හිරු-වැනි තාරකාවන් ය.

img1_0

NASA වෙබ්අඩවියට අනුව:

The image is a composite of exposures taken in near-infrared and visible light with Hubble’s Wide Field Camera 3. The observations are part of two Hubble surveys: the Galactic Bulge Treasury Program and the Sagittarius Window Eclipsing Extrasolar Planet Search.

 

Advertisements

ප්‍රභාවත් බ්‍රහස්පති සහ තවත් අන්තරීක්ෂ සේයාරූ” මත එක් සිතිවිල්ලක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )