නික්ම යන්නට මොහොතකට පෙර
වලා උසුලන සැඳෑවා
වසත් සමයක් පුරා ඉසිලූ
හැඟුම් පොදි මෙහි ගෙනාවාජීවිතය යනු වසත් සමයක
රඳන්නැති හැඳුනුම්පතයි
හැඟුම් එකිනෙක මිඳී යන්නට
සැඳෑවෙන් අවසර පතයිහැඟුම්බර වෙන හැඟුම් අතරෙන්
රාත්රිය එයි තටු ගසා
කාත් කවුරුත් මාත් මට නැති
ගණඳුරින් මඟ අස අසාපිනිමුවා ගණඳුර ඉරාලන
මුමුණනා අර තරු ඇසේ
සඳ වතේ උණුහුම දරාගෙන
නැඟ එනා මතකය ඇසේසුළඟ යනු සුසුමන්ම විතරද
කවුරු වෙළෙනුද ළය පුරා
වෙන්ව යන කඩඉම් ලකුණු වෙද
වසන්තය පවතින තුරාසමුගැනීමක් උහුලගන්නෙද
මොන තරම් හැඟුමන් පොදී
වේදනාවම යළි උපද්දන
මතකයන් අතරින් මිදීඑලෙස නොවනා කලෙක මතකය
දුකම පමණකි හදවතේ
මුණගැසීම ම ඉන්ද්රජාලික
සිහිනයක පමණක් රැඳේඉන්ද්රජාලික නොවන මතකය
මංජුල වෙඩිවර්ධන
ගිගුම් දෙන ඉගැඹුරු ඉමේ
අන්ධකාරය අසල අඩදැණි
වෙම්ද කොයි ලෙස මැදියමේ