A Kid’s Perspective

This is a response to The Cosmic Perspective by Thamara Kandabada. The language switch is experimental, bear with me.

It can be quite misleading, how most illustrations on internet depict our solar system. So first off, let me present you with a tediously accurate depiction of it.

“And in this vastness, the entirety of human existence is utterly insignificant.”

Now you know what Thamara meant in his writing. We are nothing but a speck of dust, overwhelmed in a whole lot of nothingness. At the same time, I would like to add how crucial our existence is, to prevail intelligent(?) life in the above mentioned vastness. In this unfathomable span of universe, it is us who do all the gimmicks and represent the essence of life. (Yes, you are of cosmic importance!) We are too tiny to be considered, yet too important to be ignored. It gets interesting the more you think about it. දිගටම කියවන්න

ලයිෆ් එක.

This text was never meant for public eyes. I just scribbled the words for “later” reference. Leaving it here on an afterthought, because life is too short for “later”. This is also a considerably old writing so do not let the time references fool you.

බබා ගෙ අම්මා ඊයෙ නැති වුණා; අවුරුද්දකටත් වඩා කල් තිබුණ ලේ පිළිකාවක් නිසා. ඊයෙ නයිට ගහන්නැතුව බෝඩිමට එන්න වුණා, මෙකැනිකල් ජීවිතයට පිං සිද්දවෙන්න. මේ යන තත්වෙ හැටියට මට මැරෙන්නවත් වෙලාවක් තිබ්බොත් ඇති.
තිලකෙ ගෙ තාත්තා නැති වුණේ ගිය අවුරුද්දෙ; මධ්‍යසාරීය නොවන සිරෝසිස් තත්ත්වයක් නිසා. මළ ගෙදර තඹුත්තේගම තිබුණට තිලකෙ ගෙ යුනිවසිටි යාලුවොන්ගෙන් එතනට මුලින්ම ගිය එකා මම. හැබැයි ඇත්තටම තාත්තට වුණේ මොකක්ද සහ ඒකට තිලකෙ දක්වපු ප්‍රතිචාරෙ මම දැනගත්තෙ ඊයෙ වෙච්ච බබාගෙ අම්මගෙ මරණෙ දවසෙ.

දිගටම කියවන්න

පිය සටහන්

ලිවීමේ පරම යුතුකම උදෙසා ලියමි

පිය සටහන්
මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පියනගමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

ගිරි ශිඛර මුදුන් වල
වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී
මා ඔබට ගැයූ ගී
ඇසේ ද තවමත්
ඇලේ දොලේ ගලනා ගීයේ

පිය සටහන්
මැකී නොමැත තව

රළු බොරලු ගමන් මග
වැලි තලා වැනිය හද
හැරී බලමි මම ඔබේ ඇසින්
ඔබ නොදුටු ඇසින්
නොඒද මතුවට
ඔබත් මමත් හමුවන දවසක්

පිය සටහන්
මැකී නොමැත තව

ගී පද – සුනිල් ආර්. ගමගේ
සංගීතය, ගායනය – කපුගේ

දිගටම කියවන්න

මට මහන්සියි

මම උඹට උදව්වක් ඕන වෙලාවට උදව් කරන්නෙ උඹෙන් අනිප්පැත්තට අහවල් ලබ්බක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මට තාත්තා එහෙම කරපං කියලා උගන්නලා තියෙන නිසා.

මම උඹත් එක්ක මනුස්ස කමට කතා කරන්නෙ මට වෙන යාළුවො නැති හින්දා නෙවෙයි. මට අම්මා එහෙම කරපං කියලා උගන්නලා තියෙන නිසා.

මම උඹත් එක්ක ෆිට් එකේ ඉන්නෙ උඹට කියලා වැඩක් කරගන්න නෙවෙයි. මම හැමදාම ඉන්නෙ නැති හින්දා.

මම මෙහෙම රෙද්දවල් කුරුටු ගාන්නෙ කරන්න වෙන වැඩ නැති හින්දා නෙවෙයි. ඔලුවට එන හැම එකම කටින් එළියට දාලා පුරුදු නැති හින්දා.

මොන මගුලක්ද! මට දැං පච වෙලා හොඳටම මහන්සියි.

හෙට අලුත් දවසක් නෙ. හෙට හම්බෙමු. දැං පලයං.

දයාබර සිහින,

මටයි මගේ වර්තමානයටයි පාඩුවෙ ඉන්න දීලා මගෙ ඔලුවෙන් තොලොංචි වෙලා පලයං සිහින!

එක්කො යන්නෙපා බං. උඹ නැත්තං මම මේ හැමෝගෙම ලොකු ලයින් බල බල ගෙවන ජීවිතේ අතෑරලා ගොඩක් කල්.

ඒත් උඹ ඕන එකටයි එපා එකටයි හැම මගුලටම හොට දාන්න ආවම මල පයිනවනෙ! පාඩුවෙ ඉඳිංකො!

එක අතකට මම කරන හැම වැඩකටම හේතුව උඹ තමයි බං. උඹට බැනලා වැඩක් නෑ.

එහෙම කියලා බෑ ඕයි! මට කාටහරි බනින්න ඕන! මේ අවනඩුවට වගකියන්න ඕන එකා මට හොයලා දීපියවු!

ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මහින්ද විදුහල් පෙළට අත නොතබනු!

ආහ් මැඩම්…කාළෙකින් කට ඇරලා තියෙන්නෙ! තාමත් ඉස්සර වගේමයි නේද මැඩම්…? කට ඇරියොත් හුදී ජනතාව ලෝකයේ ප්‍රථම අගමැතිණිය සිහි කරනවා.

ඔව් මැඩම්…මේ ආනන්ද, නාලන්ද දෙකට නම් කෙළවන්නම ඕන. ඇයි විශාඛා, මහින්ද, ධර්මරාජ, මලියදේව අරක මේක…ඒවටත් කෙළවන්න ඕන. ඔයාට පහළ වෙන්නෙම මේ වගේ ශ්‍රේෂ්ඨ අදහස්මයි ඇන්ටි. මන්දා කොහෙන් එනවද කියලා මේ උතුං අදහස්. අනිවා ඩෙෆා අපි මේ රට තුළ හිම සොමි සඳරැස් ගලන, හිම කඳු මුදුන් දියවන, අහස් තාරුකා බිම පතිතවන, ග්ලැසියර් ඛාදනය වෙන, පෙන්ගුයින්ලා උද්දීපණය වන දයාව ප්‍රේමයෙන් පිරිපුං මෙව්වා එකක් හදන්ටම ඕන…හලිද? ඔයා ඔහෙන් පටන් ගන්න, අපි මෙහෙන් පටන් ගන්නං. හදාගෙන හදාගෙන යන්නයි තියෙන්නෙ ආ….? දිගටම කියවන්න