මෙඩිසිහිනය

හාන්සි පුටුවක දිගා වී කරන පුනරාවර්ජනයකි

වසර: 2006

මම පහේ ශිෂ්‍යත්වය සමත් වී ආනන්දයට පා තැබීමි. කොළඹ පරිසරය මට තවම නුහුරු ය. කොළඹ මිනිසුන් මට ඊටත් වඩා නුහුරු ය. මම පාසල් බස් රියේ නැගී ගෙදර යමින් සිටිමි. මට යාබද අසුනේ සිටියේ තාරකයියා ය. ඔහු අමුතු පොරකි. (ඔහුව සමාජය කොන් කෙරුවේ ඔහුගේම ඇතැම් කුහක ආකල්ප නිසාදෝ යි මට දැන් සිතේ.) මම හයේ ය; ඔහු හතේ ය. ආනන්දය ගැන ගුරුහරුකම් ගන්නයැයි මට දෙමාපියන් කීවේ ඔහුගෙනි.

මැද පෙළ අසුනක වාඩිවී සිටි මම දාඩිය පිසදමමින්, ජනේලයෙන් ඉස්සි ඉස්සි පාර දෙපස බලමින් සිටියෙමි. විටින් විට තාරකයියා සමග මෙලෝ රහක් නැති කදයක් ද දමන්නෙමි. ඒ අතරතුර වේලාවක තාරකයියා මගෙන් මෙසේ ඇසීය:
“පන්තියෙ කට්ටියගෙන් ඔයා මොනාහරි අහද්දි සමහර අය ඉන්නවා නේ කියලදෙන් නැති? ආ?”
මම ඔව් යැයි කීමි.
“මටත් හම්බෙලා තියෙනවා එහෙම අය. ඒගොල්ලො ආපහු ඔයාගෙන් මොනවහරි ඇහුවම ඔයත් ඒගොල්ලන්ට කියල දෙන්න යන්නෙපා හරිද? පස්සෙ ඒගොල්ලො ගිහිල්ලා ඒවා හොඳට විබාග වල ලියලා ලකුණු ගනියි, අපි තමයි පස්සට යන්නෙ!”
මම මුකුත් නොකීමි. නැවත ජනේලය දෙස හැරුණෙමි. දිගටම කියවන්න