සන්ධ්‍යාව හෙවත් සමුගැන්මක මුහුණුවර

නික්ම යන්නට මොහොතකට පෙර
වලා උසුලන සැඳෑවා
වසත් සමයක් පුරා ඉසිලූ
හැඟුම් පොදි මෙහි ගෙනාවා

ජීවිතය යනු වසත් සමයක
රඳන්නැති හැඳුනුම්පතයි
හැඟුම් එකිනෙක මිඳී යන්නට
සැඳෑවෙන් අවසර පතයි

හැඟුම්බර වෙන හැඟුම් අතරෙන්
රාත්‍රිය එයි තටු ගසා
කාත් කවුරුත් මාත් මට නැති
ගණඳුරින් මඟ අස අසා

පිනිමුවා ගණඳුර ඉරාලන
මුමුණනා අර තරු ඇසේ
සඳ වතේ උණුහුම දරාගෙන
නැඟ එනා මතකය ඇසේ

සුළඟ යනු සුසුමන්ම විතරද
කවුරු වෙළෙනුද ළය පුරා
වෙන්ව යන කඩඉම් ලකුණු වෙද
වසන්තය පවතින තුරා

සමුගැනීමක් උහුලගන්නෙද
මොන තරම් හැඟුමන් පොදී
වේදනාවම යළි උපද්දන
මතකයන් අතරින් මිදී

එලෙස නොවනා කලෙක මතකය
දුකම පමණකි හදවතේ
මුණගැසීම ම ඉන්ද්‍රජාලික
සිහිනයක පමණක් රැඳේ

ඉන්ද්‍රජාලික නොවන මතකය
ගිගුම් දෙන ඉගැඹුරු ඉමේ
අන්ධකාරය අසල අඩදැණි
වෙම්ද කොයි ලෙස මැදියමේ

මංජුල වෙඩිවර්ධන

ප්‍රභාවත් බ්‍රහස්පති සහ තවත් අන්තරීක්ෂ සේයාරූ

2011 වසරේ බ්‍රහස්පති වෙත දියත් කෙරුණු NASA හි Juno ගවේෂක යානය, එම ධූලි දැවැන්තයා වෙත පැමිණුනේ 2016-මැද භාගයේදී ය. ඉන්පසුව එය බ්‍රහස්පති වටා දින 53ක කක්ෂයකට නතුවී, සිය ගවේෂණ කටයුතු ඇරඹීය. එහි ඇති තාක්ෂණික මෙවලම් නවයෙන් එකක් වන JunoCam ඡායාරූපකරණ මෙවලම විසින් දිගින් දිගටම පෘථිවිය වෙත රතු, කොළ සහ නිල් වර්ණ වෙන්-වෙන්ව ඇති පරිදි බ්‍රහස්පතිගේ සේයාරූ එවන ලදී. NASA ආයතනය විසින් ද ඕනෑම අයෙකුට ඒවා සංස්කරණට, බෙදා ගැනීමට, ළඟ තබාගැනීමට හැකි පරිදි වෙබ්අඩවියක උඩුගත කර ඇත. Seán Doran සහ Gerald Eichstädt වැනි දත්ත විශ්ලේෂකයින් මෙම ඡායාරූප දිගින් දිගටම සියුම් ලෙස අධ්‍යනය කරමින්, වර්ණ ගලපමින්, එළිය-අඳුර නිවැරදි කරමින් බ්‍රහස්පතිගේ චමත්කාරජනක රූප පෙළක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර ඇත. දිගටම කියවන්න

කූඹියෝ: විකල්ප අවසානයන්

විකල්ප අවසානයන් (alternate endings) කියන්නේ, නාටකයක කථා වින්‍යාසය නිරීක්ෂණය කරලා ඒ කතාවේ අවසානය ගැන රසිකයින් මවන සිද්ධාන්ත. මේවා ගොඩක්දුරට හිතළු විතරයි. හැබැයි ඒවා ඇත්ත වෙන්න තියන අවස්ථාව (අඩුම තරමේ, කතාව ඉවර වෙනකන්) 0% වෙන්න නැහැ. ඒවා එච්චරටම සිත්ගන්නාසුලු වෙන්නෙ ඒ නිසයි. සමනළ විප්ලවයෙන් පස්සේ, ශ්‍රී ලංකාවේ විකාශය වෙන ටෙලියක් ගැන කවමදාකවත් විකල්ප අවසානයන් ගොඩනැගෙයි කියලා මම නං බලාපොරොත්තු වුණේ නෑ. හින්දි වහුකුණවල් බලන් හිටපු  අපේ උන්ගේ මොළ හෝදලා ගන්න හදන මේ වෑයමට මම නැගිටලා අත්පුඩි ගහන්නේ ඒ නිසයි.

දිගටම කියවන්න

“What is Reality?”

PROPOSED TEXT FOR “HOLY SMOKE”:
“WHAT IS REALITY?”

Reality, at first glance, is a simple thing: the television speaking to you now is real. Your body sunk into that chair in the approach to midnight, a clock ticking at the threshold of awareness. All the endless detail of a solid and material world surrounding you. These things exist. They can be measured with a yardstick, a voltammeter, a weighing scale. These things are real. දිගටම කියවන්න

A Kid’s Perspective

This is a response to The Cosmic Perspective by Thamara Kandabada. The language switch is experimental, bear with me.

It can be quite misleading, how most illustrations on internet depict our solar system. So first off, let me present you with a tediously accurate depiction of it.

“And in this vastness, the entirety of human existence is utterly insignificant.”

Now you know what Thamara meant in his writing. We are nothing but a speck of dust, overwhelmed in a whole lot of nothingness. At the same time, I would like to add how crucial our existence is, to prevail intelligent(?) life in the above mentioned vastness. In this unfathomable span of universe, it is us who do all the gimmicks and represent the essence of life. (Yes, you are of cosmic importance!) We are too tiny to be considered, yet too important to be ignored. It gets interesting the more you think about it. දිගටම කියවන්න

ලයිෆ් එක.

This text was never meant for public eyes. I just scribbled the words for “later” reference. Leaving it here on an afterthought, because life is too short for “later”. This is also a considerably old writing so do not let the time references fool you.

බබා ගෙ අම්මා ඊයෙ නැති වුණා; අවුරුද්දකටත් වඩා කල් තිබුණ ලේ පිළිකාවක් නිසා. ඊයෙ නයිට ගහන්නැතුව බෝඩිමට එන්න වුණා, මෙකැනිකල් ජීවිතයට පිං සිද්දවෙන්න. මේ යන තත්වෙ හැටියට මට මැරෙන්නවත් වෙලාවක් තිබ්බොත් ඇති.
තිලකෙ ගෙ තාත්තා නැති වුණේ ගිය අවුරුද්දෙ; මධ්‍යසාරීය නොවන සිරෝසිස් තත්ත්වයක් නිසා. මළ ගෙදර තඹුත්තේගම තිබුණට තිලකෙ ගෙ යුනිවසිටි යාලුවොන්ගෙන් එතනට මුලින්ම ගිය එකා මම. හැබැයි ඇත්තටම තාත්තට වුණේ මොකක්ද සහ ඒකට තිලකෙ දක්වපු ප්‍රතිචාරෙ මම දැනගත්තෙ ඊයෙ වෙච්ච බබාගෙ අම්මගෙ මරණෙ දවසෙ.

දිගටම කියවන්න

පිය සටහන්

ලිවීමේ පරම යුතුකම උදෙසා ලියමි

පිය සටහන්
මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පියනගමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

ගිරි ශිඛර මුදුන් වල
වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී
මා ඔබට ගැයූ ගී
ඇසේ ද තවමත්
ඇලේ දොලේ ගලනා ගීයේ

පිය සටහන්
මැකී නොමැත තව

රළු බොරලු ගමන් මග
වැලි තලා වැනිය හද
හැරී බලමි මම ඔබේ ඇසින්
ඔබ නොදුටු ඇසින්
නොඒද මතුවට
ඔබත් මමත් හමුවන දවසක්

පිය සටහන්
මැකී නොමැත තව

ගී පද – සුනිල් ආර්. ගමගේ
සංගීතය, ගායනය – කපුගේ

දිගටම කියවන්න

මට මහන්සියි

මම උඹට උදව්වක් ඕන වෙලාවට උදව් කරන්නෙ උඹෙන් අනිප්පැත්තට අහවල් ලබ්බක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මට තාත්තා එහෙම කරපං කියලා උගන්නලා තියෙන නිසා.

මම උඹත් එක්ක මනුස්ස කමට කතා කරන්නෙ මට වෙන යාළුවො නැති හින්දා නෙවෙයි. මට අම්මා එහෙම කරපං කියලා උගන්නලා තියෙන නිසා.

මම උඹත් එක්ක ෆිට් එකේ ඉන්නෙ උඹට කියලා වැඩක් කරගන්න නෙවෙයි. මම හැමදාම ඉන්නෙ නැති හින්දා.

මම මෙහෙම රෙද්දවල් කුරුටු ගාන්නෙ කරන්න වෙන වැඩ නැති හින්දා නෙවෙයි. ඔලුවට එන හැම එකම කටින් එළියට දාලා පුරුදු නැති හින්දා.

මොන මගුලක්ද! මට දැං පච වෙලා හොඳටම මහන්සියි.

හෙට අලුත් දවසක් නෙ. හෙට හම්බෙමු. දැං පලයං.

දයාබර සිහින,

මටයි මගේ වර්තමානයටයි පාඩුවෙ ඉන්න දීලා මගෙ ඔලුවෙන් තොලොංචි වෙලා පලයං සිහින!

එක්කො යන්නෙපා බං. උඹ නැත්තං මම මේ හැමෝගෙම ලොකු ලයින් බල බල ගෙවන ජීවිතේ අතෑරලා ගොඩක් කල්.

ඒත් උඹ ඕන එකටයි එපා එකටයි හැම මගුලටම හොට දාන්න ආවම මල පයිනවනෙ! පාඩුවෙ ඉඳිංකො!

එක අතකට මම කරන හැම වැඩකටම හේතුව උඹ තමයි බං. උඹට බැනලා වැඩක් නෑ.

එහෙම කියලා බෑ ඕයි! මට කාටහරි බනින්න ඕන! මේ අවනඩුවට වගකියන්න ඕන එකා මට හොයලා දීපියවු!